අ/දියමයිලගස්වැව විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම

slider1.jpeg
slider1.jpeg

වැව් බැදි රාඡයයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ දියමයිලගස්වැව නම් සුන්දර ගම්මානයේ කෘෂිකාර්මික ඡීවන රටාවකට උරුමකම් කියූ පවුල්  සියයක පමණ ඡන සමූහයකගේ නැණ පහන් දල්වනු පිනිස වර්ෂ 1953 නොවැම්බර් 03 වන දින සිසුන් 20  දෙනෙකුගෙන් ආරම්භ කළ අ/දියමයිලගස්වැව විද්‍යාලයේ නිර්මාතෘවරයා වූයේ පූඡ්‍ය බූස්සේ ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේය විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ඩී.එම්.අබේරත්න මහතා වූ අතර ආරම්භක ගුරු සංඛ්‍යාව දෙකක් විය.කොට බිත්ති සහිත පිදුරු සෙවිලි කළ මැටි ගොඩනැගිල්ලක් පමණක් පැවති අතර පන්ති පරාසය 1-5 දක්වා විය.එහි ප්‍රථම සිසුවා ඡී.ඒ.ආරියදාස මහතා ලෙස සටහන්ව පවති.70 දශකයේ තවත් එක් ගොඩනැගිල්ලක් ඉදි වූ අතර 1979 අනෙක් ප්‍රධාන ගොඩනැගිල්ලද ඉදි විය.1987 සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වාගෙන යාම ආරම්භ වූ අතර 2009 දී වැසිකිලි පද්ධතියක් ද 2012 දැයට කිරුළ වැඩසටහනට සමගාමීව පරිගණක ඒකකයක් හිමි වූ අතර 2020 වර්ශයේ පිරිසිදු පනීය ඡල පද්ධතියක් ලැබිණි.

 

වර්තමානය වන විට සිසුන් සංඛ්‍යාව 100 ක් වන අතර ගුරු සංඛ්‍යාව 16 ක් විය.අද වන විට පාසල සෑම අතින්ම සංවර්ධනය ළගා කරගෙන ඇති type2 වර්ගයේ පාසලකි.

ආරම්භ කළ වර්ෂය

1953 නොවැම්බර් 03 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

20

මුල් ගුරුතුමාගේ නම

ඩී.එම්.අබේරත්න

පාසලේ ආදි කතෘගේ නම

පූඡ්‍ය බූස්සේ ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

අ/දියමයිලගස්වැව විද්‍යාලය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඡී.ඒ.ආරියදාස මහතා